Monday, August 1, 2016

එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; 
පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. 
එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; 
එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත. 
6 අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු.
සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. 
7 සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; 
නිහතමානී ලෙස එය දැරූ හ. 
මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ. 



කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. 

මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද? 

2 මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. 

අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය. 
3 එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. 
අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක. 
4 ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය.
5 සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය. 
සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක. 
6 දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. 
රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය. 
7 සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක; 
ඔබේ ජීවිතය රැකවල් කරන සේක. 
8 මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ,
ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.බෙන්නේ කොතැනින් ද?